අ/කුරුන්දන්කුලම විද්‍යාලය

වෙසක් උත්සවය 2024

WhatsAppImage2023-03-11at134724.jpeg
WhatsAppImage2023-03-11at134724.jpeg

විදුහල්පති පණිවිඩය

ඊ.එම්.කේ.කුමාරි මිය

කුරුන්දන්කුලම විද්‍යාලයේ විදුහල්පති ලෙස පාසල් වෙබ් පිටුවට වචන කිහිපයක් ලිවීමට ලැබීම මට මහත් සතුටකි.මෙම පාසලේ ප්‍රධානියා ලෙස සේවය කිරීමට ලැබීම ගැන මට මහත් ගෞරවයක් දැනෙන අතර මගේ උණුසුම් සුබපැතුම් ICT ඒකකයට ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.මගේ අදහසට අනුව,පාසලක් යනු ගඩොල්, යන්ත්‍ර සහ කොන්ක්‍රීට් පමණක් නොව ජීවිත කාලය පුරාවටම පවතින චරිත පොහොසත් කරන සිත් ගොඩනැගීමයි. වත්මන් පරපුරේ ආකල්ප හා සාරධර්මවල දැඩි වෙනසක් ඇති කිරීම ඇත්තෙන්ම වෙහෙසකර කාර්යයකි. එහෙත් මගේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ කැපවීම  මත අපි සිසුන්ගේ යහපත් ගුණාංග සහ හැකියාවන් ඇති කරමින් ඔවුන්ගේ පෞරුෂය හැඩගස්වා ගැනීමට දැඩි උත්සාහයක් දරමින සිටින්නෙමු.මගේ දයාබර දූ පුතුනි, අනාගතයේ අභියෝගවලට මුහුණ දෙමින් අපි අපගේ සාර්ථකත්වය කරා ගමන් කරමු.කුරුන්දන්කුලම විද්‍යාලයේ සෑම ක්‍ෂේත්‍රයකම පැතිරී යනු ඇතැයි මා බලාපොරොත්තු වන අතර පාසල දිනෙන් දින දියුණු වේවායි මා ප්‍රාර්ථනා කරමි.

ඊ.එම්.කේ.කුමාරි මිය
විදුහල්පති
අ/කුරුන්දන්කුලම විදුහල.